fb fb fb fb
Feb
25

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගන්න හරීන් ප්‍රනාන්දු මහතාත් කටුනායකට යයි

සත්කාරක දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම දකුණු අප්‍රිකාවේදීම පරාජයට පත් කරමින් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ජයක් ලබගත් ප්‍රතම ආසියාතික රට බවට පත්වෙමින් ඉතිහාසගත ජයක් ලබාගත් ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට වාර්තා කලා.
ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් අද දිවයිනට පැමිණියා. අනෙකුත් ක්‍රීඩකයින් සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවේ මේ වනවිටත් රැඳී සිටිනවා.
Qර්‍ 656 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි ඔවුන්ව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.
එහිදී ඔවුන්ට ඉහල පිළිගැනීමක් ලැබුනා.
පසුගිය දා සමාජ ජාලා තුල සංසරණය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අදහස් දැක්වු අතර වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ඒ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කළා.
"කණ්ඩායමක් විදිහට පසුගිය කාලයේ අපි පරාජයට පත් වුණා තමයි. නමුත් කෙසේ හෝ අපිට නැඟිටින්න පුළුවන් කියන විශ්වාසයත් එක්කයි අපි කටයුතු කළේ. පරිපාලනයවත් වෙන කවුරුවත් නෙමෙයි..අපි 11 දෙනා තමයි මැදට පැනලා ක්‍රීඩා කරන්නේ. වීඩියෝවේ සාමාන්‍ය දෙයක් අපි කතා කළේ.. සමහර අය ඒක ගොඩාක් දුර අරං ගියා.
අපි කොයි වෙලාවෙවත් හිතුවේ නෑ..ඒක එළියට යයි කියලා. අපි දන්නෙත් නෑ වීඩියෝ කරනවා...වීඩියෝ එක එළියට දාපු එක්කෙනා ගැන ක්‍රිකට් බෝඩ් එක පියවර ගනී. කොහොම වුණත් ඒක කණගාටුදායක තත්ත්වයක්. අපිට අවවාද කළා..අපි ඒක පිළිගත්තා. තරගයක් ජයග්‍රහණය කරලත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණාම අපි තවත් පීඩනයකට ලක් වෙනවා."











views 1,285 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell