fb fb fb fb
Mar
02

නිට්ටෑවන් කියන්නේ ඇත්තක්මද? නැත්නම් මිත්‍යාවක්ද?

අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකුට සැඟව සිටි කුරු මිනිසෙකු තමන් සීරීමට ලක්කර පලා ගිය බව පවසයි. මේ අතර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබඳව සමාජය තුල යලිත් කතාබහට ලක්වී ඇත. අම්පාර ප්‍රදේශයේ හේන් ගොවීන් කිහිපදෙනෙකුටද වනචාරී කුරු මිනිසුන් දුටු බව ප්‍රකාශ කරයි.

කුරු මිනිසුන් විසින් අනුරාධපුර මහවිලච්චිය ඇත්දක්කල්ල ප්‍රදේශයේදී සීරීමට ලක්කල බව කාන්තාවක් පවසන අතර තවත් කාන්තාවන් කිහිපදෙනෙකුටම එවැනි සිදුවීම් කිහිපයකට මුහුණ දී තිබේ. මේ අතර හේන් ගොවීන් ලබාගත් ඡායාරූප කිහිපයක් තුළ ඇති පා සළකුණු එම කුරු මිනිසුන්ගේ බව ගොවීන් ප්‍රකාශ කර අතර මෙම සිද්ධිය සොයාබැලීම සදහා අප වාර්තාකරුවන් අම්පාර - දමණ - තොට්ටම ප්‍රදේශයට ගියේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශය විසින් අම්පාර තොට්ටම ප්‍රදේශයෙන් වර්තාවන මෙම කුරු මිනිසුන් පර්යේෂණයක්ද සිදු කර තිබේ. 18 වන ශතවර්ශය තෙක් මෙරට විසූ කුරු ජන කොට්ඨාෂයක් ලෙස නිත්තෑවන් හෙවත් නිට්ටෑවන් බව මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ වලින් සදහන් වේ. ජනප්‍රවාද වල පැවත එන නිත්තෑවන් හා සමාන කුරු මිනිසෙකු පසුගිය දින කිහිපයේදීම අම්පාර - දමණ - තොට්ටම ප්‍රදේශයේ විසූ බව එම ප්‍රදේශයේම හේන් ගොවීන් පිරිසක් පවසයි. මෙම කුරු මිනිසුන් බහුලව වාසය කර ඇති බවට සැලකෙන්නේ නැගෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශය අශ්‍රිතවය.

මේ වනවිට නිත්තෑවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයක් සිදුකර ඇති අතර තවමත් ඔවුන් පිළිබදව නිශ්චිත භෞතික සක්ෂියක් ඉදිරිපත්වී නැත. නිත්තෑවන් යනු මිනිසුන් මෙන් දෙපාවලින් ඇවිඳ යා හැකි, සත්ව මුහුණක් සහිත, ශරීරයේ ලෝම පිරි දිගු නියපොතු සහිත සත්ව කොට්ඨාෂයක් බවත් ඔවුන් රංචු වශයෙන් දිවි ගෙවූ බවත් එම නිත්තෑවන් මිනී මස් කෑමට පුරුදුව සිටි බවත් සමාජ විද්‍යාඥයින් හා ගවේශකයින් පළ කර ඇත. ජනප්‍රවාද වලට අනුව නිත්තෑවන්ගෙන් එල්ල වූ තර්ජන හේතුකොටගෙන වැදිජනතාව විසින් ඔවුන්ව සමූල ඝාතනය කර ඇති බව සදහන් වේ.

views 2,387 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell