fb fb fb fb
Mar
04

ආදරේ කියන වචනෙටත් මං හරි බයයි

මං පතනවා Female Version එකෙන් ජනතාවගේ හදවත් සොරාගත් දිල්කි උරේශා මේ වනවිට තමන්ගෙම කියල නිර්මාණ රැසකටම හිමිකම් කියනවා. මේ දවස්වල “ඔබට ආදරෙයි මං අහසක් තරම්” කියල තවත් ලස්සන ගීතයකින් රසිකයන්ගේ හදවත් සිපගත්ත ඇය අද වටින්පිටින් Chat With You වැඩසටහනත් එක්ක එකතු වුනා. මේ ඇය සමග කල කතා බහයි.

ඉතින් දිල්කි කොහොමද අළුත්ම විස්තර?

මේ දවස්වල මගේ අළුත්ම Cover එක “ඔබට ආදරෙයි මං අහසක් තරම්” කියල Release කලා. ඒක ඇත්තටම හිතන්නේ නැතුව කරපු දෙයක්. දුලීක අයියා කතා කරපු නිසා ගිහින් Voice කලා. ඉතින් ඒක එච්චර හිතුවෙ නෑ ජනප්ප්‍රිය වෙයි කියලා. හැබැයි ඒක හිතුවෙ නැති විදිහට මිනිස්සු අතරට ගියා කියල හිතනවා. ඊට අමතරව මගේ අළුත් සිංදුවේ පටිගත කිරීම් කරලා තියෙන්නේ, ඒකේ Music Video එකත් එක්කම තමයි Release කරන්න හිතන් ඉන්නේ, ඉතින් ලගදීම ඒක බලන්න පුළුවන් වෙයි.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම දිල්කි උරේෂා. මම පදිංචි වෙලා ඉන්නේ යක්කල. වයස අවුරුදු 21. මම අධ්‍යාපනය ලැබුවෙ යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ. පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි.

මේ ක්ෂේත්‍රයට ආව ගමන ගැන සඳහන් කලොත්?

මම 4 වසරෙදි වගේ අම්මා මාව නන්දා මාලනී මිස් ලඟට දැම්ම සංගීතය හදාරන්න. ඊට අමතරව පාසලේදි විශයක් විදිහට සංගීතය හැදෑරුවා. A/L වලින් පස්සේ මම මගේ පළවෙනි නිර්මාණය කලා "මාගෙත් ආයුෂ" කියලා. ඊට පස්සේ මට හම්බෙනවා ඩිලාන් ගමගේ අයියා සහ අශාන් ප්‍රනාන්දු අයියා. එයාලත් එක්ක මට කරන්න ලැබුනා අශාන් ප්‍රනාන්දු අයියාගේ මං පතනවා සිංදුවේ Female Version එක. ඒත් එක්කම මට Hiru TV හීනයක්ද මේ, ආදර මායාව, උරුමයක අරගලය ටෙලි නාට්‍ය වල තේමා ගීත ගායනයට අවස්තාව ලැබුනා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ගෙදරින් එයාලගේ උපරිම සහයෝගය ලැබෙනවා. මාව හිර කරල නෑ. ආරක්ෂාවත් එක්කම මට හැමදේකටම උපරිම උදවු කරනවා.

ඔබ ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක්ද?

මම පොඩි කාලේ ඉඳලම තිබුන හීනයක් තමයි ගායිකාවක් වෙන එක. නිරූපණය පැත්තට යොමුවෙන්න එච්චර ලොකු කැමැත්තක් නෑ.

එතකොට ඔයාගේ Photo Shoot කීපයක් අපි දැක්කා ඒ ගැන කිවුවොත්?

මගේ හොඳම යාළුවෙක් ඉන්නවා එයා Photographer කෙනෙක්. එයා එක්ක තමයි මම ඔය කරපු හැම එකක්ම කලේ. ඒක ආසාවට කරපු දෙයක් මිසක් Famous වෙන්න හිතන් කරපු දෙයක් නෙවෙයි.

එතකොට වෙන Photo Shoots වලට ආරාධනා ලැබිල තියෙනවද?

ඔවු ගොඩක් ආරාධනා ලැබෙනවා. Photographer කවුද කියල බලලා මට හොඳයි කියල හිතුනොත් යනවා.

රංගන ශිල්පිනියක් වෙන්න ආසාවක් නැද්ද?

ඔවු ඇත්තටම ආසයි. ඉස්සරහට මගේම ගීතයක් තුලින් රංගනයට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම කලාව කියන්නේ Music විතරක්ම නෙවෙයිනේ. ඒ නිසා හොඳ අවස්තාවක් ලැබුනොත් රංගන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙනවා.

ඔබට පෙම්වතෙක් ඉන්නවද?

අනේ නෑ ඇත්තටම මම තනිකඩයි. මට තියෙනවා හීනයක්, ඒ හීනේ සැබෑ කරගෙන තමයි ඒ දේවල් ගැන හිතන්නේ.

පෙම්වතෙක් ඉඳලම නැද්ද?

කලින් හිටියා දැන්නම් නෑ. ඇත්තටම ආදරේ කියනදේ මට එපා වෙලා තියෙන්නේ. ආදරේ කියන වචනෙටත් මම බයයි.

රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

ඉස්සරහට ලස්සන නිර්මාණ කීපයක්ම එන්න තියෙනවා. මගේ නිර්මාණත් එක්ක මාත් එක්ක දිගටම රැඳිල ඉන්න. රසිකයන්ගෙන් ලැබෙන ආදරේත් එක්ක ඒ හදවත් වලට හැමදාමත් ගීතා ගායනා කරන්න මම සූදානම්.

උදවු කල අය මතක් කලොත්?

ඔවු මට ගොඩක් උදවු කලා මගේ අම්මයි තාත්තයි මගේ පුංචි, ආච්චි, ගෙදර හැමෝමයි. ඉතින් තව ගොඩාක් උදවු කරපු අය ඉන්නවා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් ඉන්නවා. ඒ නිසා මට මේ ගමනේදි වචනෙකින් හරි ශක්තියක් වුන හැමෝටම ගොඩාක් ස්තූති වන්ත වෙනවා.

Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha
views 8,007 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell