fb fb fb fb
Mar
13

මගෙ ඇහේ යාළුවෙක් අතින් වැරදීමකින් ඇඟිල්ලක් වදිනවා, ඒත් එක්කම අනාගතේ තිබුණු බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙනවා


නව පරපුරේ ගී පද රචකයෙකු වන දෙනුවන් එම් කලංසූරිය අපට හමු වුනා. ඔහුගේ කතාවනම් ටිකක් සන්වේදී වුනා. මොකද ලගම මිතුරෙක් අතින් වුන පොඩි අත්වැරදීමක් නිසා දෙනුවන්ගේ එක ඇහැක් පේන්නේ නැතිවෙලා තියෙනවා. මේ ඔහු සමග අද වටින් පිටින් ඔහුත් සමග කල කතා බහයි...

ඉතින් දෙනුවන් කොහොමද අලුත්ම විස්තර..?

මං ලියපු දිල්ෂික ප්‍රභාත්ගෙ "මට නුඹේ තුරුල නම්" කියන ගීතය මීට දවස් තුන හතරකට උඩදි release කළා. ඒකටත් මං නොසිතපු විදිහෙ ප්‍රතිචාර හම්බුණා. ඊට අමතරව තවත් ගීත කිහිපයකම වැඩ කටයුතු මේ දවස්වල කෙරීගෙ යනව.. "ඇස් කොනේහි, එක ඇමතුමක්, ඉවසන්න බැරි තැනද" ඉන් කිහිපයක්. ඉතින් ඔය වැඩකටයුතුත් එක්ක තමයි මේ දවස් වල මං කාලය ගත කරන්නෙ..

ඔබ ගැන හදුන්වා දුන්නොත් ?

මගෙ නම දෙනුවන් එම් කලංසූරිය. මම පදිංචිය වෙලා ඉන්නේ රත්නපුර අයගම. මගෙ වයස අවුරුදු 20යි. මගෙ පාසල අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය. පවුලෙ විස්තර කිව්වොත් මමයි අම්මයි තාත්තයි නංගියි තමයි ඉන්නේ.

මේ ක්ෂේත්‍රයට ආව ගමන ගැන සදහන් කලොත් ?

ඒ ගැන හරියට කියල ඉවර කරන්න නම් සතියක්වත් යයි. මං ඒක කෙටියෙන් කියන්නම්. මට හැගීම් දැනීම් තේරුම් ගන්න පුළුවන් වයසෙ ඉදන්ම සංගීතය ඇලුම් කළා.. කොටින්ම කිව්වොත් මට කාලයක් යද්දි සිංදු කියන දෙයින් එහා ලෝකයක් නැති උනා. හැබැයි මං ගී පද රචකයෙක් වෙනව කියල එකක් මගෙ හිතේ තිබුණෙ නෑ. ඒ මං ගායන ශිල්පියෙක් වෙන්න හීන දැක්කේ නොතේරෙණ කාලෙ ඉදන්. පොඩි කාලෙ මං සිංදු ලිව්වෙ ලොකු වෙලා ඒ සිංදු කියනව කියලා හිතාගෙන. මමවත් දැනන් හිටියෙ නෑ මට ලිවීමේ හැකියාවක් තියනවා කියලා. මොකද මං ජීවත්වෙන පරිසරේ ඒ දේවල් වලට වැඩි තැනක් නෑ. ඉගනගෙන කැම්පස් ගිහින් ජොබ් එකක් කරනවා කියන එක තමයි මෙහේ හැමෝගෙම හීනේ වෙලා තියෙන්නේ. ඒත් මං දැක්කෙ ඊට එහා ගිය හීනයක්.

මං දැන් කියන්නම් මං මේ ක්ෂේත්‍රයට එන්නෙ කොහොමද කියල. මම ගිය අවුරුද්දෙ A/L වලට පෙනී සිටියෙ. මම A/L වලට ඉගෙන ගත්තෙ ඇකඩමි එකක හොස්ටල් වෙලා තමයි ඉදියෙ. මගෙ ඇස් පෙනීමේ පොඩි දුර්වල තාවයක් තියනව. ඉතින් එක ඇහක පොඩි Surgery එකක් කරල තිබුණෙ. මගෙ ඒ ඇහේ යාළුවෙක් අතින් වැරදීමකින් ඇගිල්ලක් වදිනව. ඒත් එක්කම අනාගතේ තිබුණු බලා පොරොත්තු සියල්ල අඩපණ වෙනව. මගෙ ලග තිබුණෙ සිංදු අහන්න පුළුවන් පොඩි Phone එකක් විතරයි. ඒ Phone එකයි තව විෂේශ පුද්ගලයකුයි තමයි මගෙ ජිවිත කතාව වෙනස් මගකට හරවන්නෙ. මං අර පොඩි Phone එකන් Facebook යන්න පටන් ගත්ත..මට එක අහැයි ඒ වෙද්දි පෙනුනෙ. ඒකෙන් ගිහින් Artists, lyrics writers, Musicians, කියන අයව හොය හොය Request දැන්ම. මට ඒ අතරවාරෙදි තමයි අර කිව්ව විෂේශ පුද්ගලය හමු වෙන්නෙ. ඇය ගී පද රචිකාවියක්. නව පරපුරේ අති දක්ෂ ගී පද රචිකාවියක්. ඇය අතින් ලියැවුණු හැම ගීතයක්ම බොහොම ජනප්‍රිය ගීත. ඇය සමග යෙදුනු කතා බහකදි තමයි මටත් සිංදු ලියන්න පුළුවන් කියල මමත් හරියටම දැන ගන්නෙ.. එතනින් එහාට මගෙ ජීවිතේ අනාගතේ හැමදේම වෙනස් උනා. මං එදා ඉදන් ගී පද රචකයෙක් වෙන්න හිතා ගත්ත.. සති දෙකක් ගියේ නෑ මට ආරාධනවකුත් ලැබුණ ගීත ලියන්න. ඒ් දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙකු වන නිලාන් සාලින්ද අයියගෙන්. ඒ වෙද්දි තව දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙකු වන තරිඳු බණ්ඩාර අයියත් මට සිංදුවක් කරන්න කතා කරල තිබුනෙ.. ඒ තුන්දෙනා හරහා තමයි මං මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කිව්වොත් ?

ගෙදරින් ලැබෙන සහයෝගය හොදයි මට නිදහසේ මගෙ වැඩ කටයුතු කරගෙන යන්න එයාල අවසර දීල තියනවා. ඒත් එක්කම එයාල මගෙ ඉගනීමේ කටයුතු වලටත් මාව උනන්දු කරවමින් හැමදේටම ලොකු සහහෝයක් දක්වනවා.

ඔබට පෙම්වතියක් ඉන්නවද ?

නෑ. දැන්නම් මට එහෙම දෙයක් ගැන හිතන්නවත් වෙලාවක් නෑ. මගෙ Target වලට ගිය දවසට මම ඒ ගැන හිතනවා.

රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ.

ඔව් විෂේශෙන්ම කියන්න ඕනි. මං ගීත ලියන්නෙ එයාලට. මට ඒ හින්ද එක රසිකයන් උනත් ගොඩාක් වටිනවා. එයාල වෙනුවෙන් ගොඩක් හොද වෙනස් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියෙදි තමයි මගෙ හොදම නිර්මාණ ටික එන්න තියෙන්නේ. අඩුපාඩු හදාගෙන හොද වෙනස් නිර්මාණයන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නෙ මගෙ රසිකයන්ට මාත් සමග හැමදාම රැදිල ඉන්න මගෙ නිර්මාණ රසවිදින්න කියල තමයි.

උදව් කළ අය මතක් කලොත් ?

ඔව් එහෙම මතක් කරන්න නම් ගොඩාක් අය ඉන්නවා මතක් කරන්න. මගේ අම්මා, තාත්තා, ආච්චි අම්මා වගේම නැන්දවයි මාමවයි මතක් කරන්න ඕනි.

විෂේශෙන්ම කියන්න ඕන සහෝදරයෙක් වගේ මට ගොඩක් දේවල් කියල දුන්න කියල දෙන, මගෙ ගමන යන්න මට ගොඩක් උදව් කරන තරිඳු බණ්ඩාර අයියාව, නිලාන් සාලින්ද අයියා, දිල්ෂික ප්‍රභාත් අයියා, ඉශාර මිහාන්, කැලුම් චාමර අයියා, සදුන් කරුණාරත්න අයියා, ඔය අයව තමයි. තව විෂේශම කෙනෙක් ඉන්නව මට ගුරුහරුකම් දුන්න කෙනා.ඒත් ඒ නම සදහන් කරනවට ඇය අකමැති නිසා මම නම නොකිය මතක් කරන්නම්. ඒ හැමදෙනාටම ස්තුතියි කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. නම් කී නොකී, මට වචනෙකින් හරි උදව් කළ ඒ සියල්ලම දෙනාටත් මාගෙ ස්තූතිය පිරිණමනවා.

denuwan denuwan
views 4,445 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell