fb fb fb fb
Mar
15

මට හැමදේටම මගේ ළඟින්ම ඉන්න පිරිමි යාළුවෝ 9 දෙනෙක් විතරයි

අද අපි කතා කලේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නත අවත් සුන්දර යුවතියකට. ඇය නමින් අයේෂා සේමිණී වික්‍රමගේ. පොඩිකාලේ ඉඳල ගුවන් සේවිකාවක් වෙන්න හීනදැකපු ඇය අද වටින් පිටින් Chat With You වැඩසටහනත් එක්ක කතාබහ කලේ මෙහෙමයි...

ඉතින් කොහොමද සේමිණී අළුත්ම තොරතුරු ?

මේ දවස් වලනම් රස්සාවත් එක්ක නිරූපණ වැඩ කරන ගමන් ඉගෙනීමේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා.

ඔයාගේ සම්පූර්ණ නම ?

අයේෂා සේමිණී වික්‍රමගේ

වයස ?

වයස 21යි

ඔබ ගැන හඳුන්වා දුන්නොත් ?

මම ඉන්නේ මොරටුවේ. පාසැල් ගියේ සාමාන්‍ය පෙළ වෙනකන් රත්මලාන ද සොයිසා මහා විද්‍යාලයට. උසස් පෙළට ⁣රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයට. අම්මයි මල්ලියි මමයි විතරයි ගෙදර ඉන්නේ. තාත්තා නැති වෙලා අවුරුදු 10 වෙනවා.

වෘත්තිමය නිරූපණ ශිල්පිනියක් ද?

නැහැ. මම වෙනම වෘත්තියක නියැලෙන ගමන් තමයි නිරූපණ වැඩ කටයුතු කරන්නේ.

නිරූපණ ක්ෂේත්‍රයට ආව ගමන ගැන මතක් කලොත් ?

මම 2012 Casual Shoot වලින් තමයි මේ ගමන පටන් ගත්තේ අද Bridal Modeling Shoots වලට පමණක් සහභාගී වෙනවා. 2012 පළවෙනි Shoot එක හර්ෂ් ඩී.පීරිස් අයියා නිසා තමයි ක්ෂේත්‍රයට අඩිය තිබ්බේ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මයි මල්ලියි මාව ගොඩාක් තේරුම්ගත්ත දෙන්නෙක්. මට තීරණ ගන්න නිදහස දීලා තියෙනවා.

පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක්ද Model කෙනෙක් වෙන එක ?

මට පොඩි කාලේ ඉඳලා ආසාවල් තුනක් තිබ්බා. ප්‍රධානම එක ගුවන් සේවිකාවක් වෙන එක. ඒක වෙනුවෙන් මේ දවස් වල ඒ ආසාව ඉෂ්ඨ කරගන්න ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. දෙවෙනි එක නිරූපණ ක්ෂේත්‍රයට එන එක. තුන්වෙනි එක නිවේදිකාවක් වෙන එක.

Hot Shoot වලට ආරාධනා ලැබිල නැද්ද ?

කතා කරලා තියෙනවා. කතා කරපු සැනින් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා.

සමහර Models ලා Hit වෙන්න Hot Shoot කරන ඒවා ගැන මොකද හිතන්නේ ?

Shoot එක මොකක් වුනත් Hit වෙන්නේ තමන් ඒ දේට ගැළපෙනවානම් විතරයිනේ. Hot Shoot කරනවානම් ඒකට ගැළපෙන්න Hot Figure එකක් තියෙන්න ඕනේ. Hit වෙන්න නිරුවත පෙන්නනවනම් ඒක Hot Shoot එකක් නෙමෙයි ඒක වෙනම ලෙඩක්.

ක්ෂේත්‍රයේ වැඩ කරද්දි වැරදි යෝජනා ඇවිල්ලා නැද්ද ?

වැරදි යෝජනා එන ක්ෂේත්‍රයක නෙමෙයි මම ඉන්නේ. Bridal Modeling කියන්නේ එහෙම යෝජනා අල්ප මාත්‍රයක්වත් නැති තැනක්. ම⁣ට එහෙම යෝජනා ඇව්ල්ලානම් නෑ. හැමෝම වගේ ළඟින් ආශ්‍රය කරන යාළුවෝ.

පෙම්වතෙක් ඉන්නවද?

කලින් හිටියා දැන් නෑ. ඒ දේවල් විසඳන්න කාලයටම බාර දෙනවා. මගේ හීන ටික හැබෑ වුන කාලයක ඒ ගැන හිතනවා. ආදරය ගැන හිතන්න තව ගොඩාක් කල් තියෙනවා කියලා හිතනවා. හරි කෙනා හරි වෙලාවට එයි.

ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ ?

ඉස්සරහට හොඳ වැඩක් ලැබුණොත් බාර ගන්නවා. මේ දවස් වල ප්‍රධාන තැන ගුවන් සේවිකාවක් වෙන හීනයට තමයි. ඉස්සරහට මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් හිතාගෙන ඉන්නවා.

රඟපාන්න අවස්ථාව ලැබිලා නැද්ද?

තියෙනවා. මම ඒ දේවල් වැරදි මාර්ග වලින් කතා කරපු නිසා ප්‍රතිකෂේප කරලා තියෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන් බාරගන්නවා.

යාළුවෝ ගැනත් මතක් කලොත් ?

මට හැමදේටම මගේ ළඟින්ම ඉන්න යාළුවෝ 9 දෙනෙක් ඉන්නවා. 9දෙනාම පිරිමි ළමයි. මගේ හැමදේකටම හැම ප්‍රශ්ණෙකදිම මගේ ළඟ ඉන්නේ ඒ 9 දෙනා තමයි. හැම යාළුවෙක්ම ආශ්‍රය කරනවා හැම කෙනාගෙම හැටි දැනගෙන කිසිම කෙනෙක් තරහා කරගන්නේ නෑ. ඒත් ළඟින්ම ඉන්නේ අර 9 දෙනා තමයි.

කෑක බීම ගනිද්දි Figure එක ගැන ගොඩක් හිතනවද ?

මම මස් මාංශ වැඩිපුර ගන්න කෙනෙක් නෙමෙයි. ගමේ කෑම වලට තමයි කැමති. ඒ වගේම මොන බීමටත් වඩා වතුර තමයි ගොඩාක් බොන්නේ.

Fashion කරන්න ගොඩක් කැමති කෙනෙක්ද ?

මම fashion කරනවා. මට ගැළපෙන දේවල්. මම ඇඟ පේන්න අඳින ⁣කෙනෙක් නෙමෙයි. මට ගැළපෙන ඇඟ වැඩිය පේනනේ නැති ඇඳුම් තමයි මම අඳින්නේ.

ක්ෂේත්‍රයට එන අයට කියන්න තියෙන්නේ මොනවද?

කියන්නේ තියෙන්නේ පොඩි තැනකින් හරි විදිහට හිමින් එන්න. එක රැයින් ජනප්‍රිය වෙන ඒවා තාවකාලිකයි. හිමින් හරි විදිහට එන ගමන සාර්ථකයි. ⁣තමන්ගේ චරිතේ රැකගෙන තැනකට එන්න. රූපය වගේම ක්ෂේත්‍රයේ රැඳෙන්න උගත්කමත් අවශ්‍යයි.

මේ ගමනට උදවුකරපු අය ගැනත් මතක් කලොත් ?

විශේෂයෙන්ම ඒ අය ගැන කියන්නම ඕන. මගේ අම්මා , මල්ලී , හර්ෂ ඩී.පීරිස් අයියා , ලංකා ෆර්නෑන්ඩු , සන්තුක ඒකනායක ඒ වගේමපතව ගොඩක් අය ඉන්නවා ඒ කිසිම කෙනෙක් අමතක නෑ.. මට පොඩි දේකින් හරි උදවු කරපු අය , මාව වට්ටන්න හදපු අය ,ඒ අය නිසා තමයි හිතට හයිය ආවේ ඒ අයටත් ස්තූති කරනවා ශක්තිමත් කරාට. ඒ වගේම අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි මාව සම්බන්ධ කරගත්තට.

Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha
views 5,406 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell