fb fb fb fb
Mar
28

සල්ලි වලට ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න මට ඕන නෑ

අද වටින් පිටින් Chat With You වැඩසටහනත් එක්ක එකතු වුනේ නව පරපුරේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන උවන්දි ඉෂන්තිකා. අහම්බෙන් වගේ නිරූපිකාවක් වුන ඇය අපිට කිව්වේ මෙහෙමයි.

ඉතින් කොහොමද උවන්දි අළුත්ම තොරතුරු ?

විශේෂයක් නැ ඉතින් වෙනදා වගේම මගේ වැඩ කරගෙන ඉන්නවා

ඔයාගේ සම්පූර්ණ නම ?

උවන්දි ඉෂන්තිකා ජයරත්න

වයස ?

ඒක ඕන නෑ නේද..

ඔබ ගැන හඳුන්වා දුන්නොත් ?

මම ඉන්නේ බේරුවල. මෙගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා අයියා නංගී. මම පාසල් ගියේ කළුතර බාලිකා ජාතික පාසලට.

වෘත්තිමය නිරූපණ ශිල්පිනියක් ද?

නැහැ. මම වෙනම වෘත්තියක නියැලෙන ගමන් තමයි නිරූපණ වැඩ කටයුතු කරන්නේ.

නිරූපණ ක්ෂේත්‍රයට ආව ගමන ගැන මතක් කලොත් ?

ඇත්තටම අහම්බයකින් උන දෙයක්. සෙහාන් අසේල බණ්ඩාර අයියා තමයි මගේ මුල්ම photo shoot එක කරේ. ඒකෙන් පස්සේ තව ඒවට ආරාධනා ලැබුනා. එදා එතනින් පටන් අරන් මේ වෙනකන් හිමින් ගමනක් ඇවිත් තියෙන්නේ. මන් තාම ඉන්නෙ ගොඩක් පොඩි තැනක. දැනට Casual Shoot and Bridal Shoot කරනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. කිසිම නීතියක් දාලා නෑ, මොකද එයාල මව තේරුම් අරන් ඉන්නේ, මම වැරදි වැඩ කරන්නේ නෑ කියල එයාල දන්නවා.

පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක්ද Model කෙනෙක් වෙන එක ?

එහෙම හීනයක් නම් තිබිලා නැ. ඒත් පොඩි කාලේ ඉදන්ම මේ දේවල් වලට ගොඩක් ආස කරා.

Hot Shoot වලට ආරාධනා ලැබිල නැද්ද ?

අපොයි ඔව් ඕනේ තරම්. මම ඒ හැම එකක්ම ප්‍රතික්ශේප කරලා තියෙනවා.

සමහර Models ලා Hit වෙන්න Hot Shoot කරන ඒවා ගැන මොකද හිතන්නේ ?

එක එක අයගේ කැමැත්ත තමයි ඉතින්. මං හිට් වෙන්න කියලා හොට් shoot කරන්නේ නෑ. මට එහෙම ජනප්‍රිය වෙන්න උවමනාවක් නැ.

පෙම්වතෙක් ඉන්නවද?

ම්ම්ම්ම්.. ඔව් ඉන්නවා.

රඟපාන්න අවස්ථාව ලැබිලා නැද්ද?

තියෙනවා. ඒත් සමහර දේවල් ගැන එච්චර විශ්වාසයක් නැති නිසා මම සම්බන්ද වුනේ නෑ. හැබැයි වෙලඳ දැන්වීම් කිහිපයකට සහ Music Video කිහිපයකට නම් සම්බන්ද වෙලා තියෙනවා. මම ගොඩක්ම ආස Music Video වලට.

ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ ?

මගේම කියලා ව්‍ය්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බලමු ඉස්සරහට

කෑක බීම ගනිද්දි Figure එක ගැන ගොඩක් හිතනවද ?

මම එහෙම ගොඩාක් කන කෙනෙක් නම් නෙමේ. සාමන්‍ය විදිහට කෑම ගන්නවා. විශේශයක් නෑ.

Fashion කරන්න ගොඩක් කැමති කෙනෙක්ද ?

මම fashion කරනවා. මට ගැලපෙන විදිහට. හැබැයි මම ඇඟ පේන්න නම් අඳින්නේ නෑ.

මේ ගමනට උදවුකරපු අය ගැනත් මතක් කලොත් ?

නම් වශයෙන් කියන්න අපහසුයි, අනික ගොඩක් අය ඉන්නවා. එක්කෙනෙක් හරි මගහැරුනොත් ඒක හොද නෑනේ. ඒ නිසා මට උදවු කරපු මගේ යාළුවෝ, පවුලේ අය හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා.

Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha Dilki Uresha
views 6,794 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell