Connect with us

News

තැපැල් කාර්යාල නැවත විවෘත කරයි

Published

on

Deparment of post

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබුණී.

තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

ප්‍රවාහන පහසුකම් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි කරන පිරිසට පමනයි

Published

on

-bus_

රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සදහා ගමන් කරන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන පහසුකම් සලසාදිමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රවාහන කටයුතු සදහා මෙම පාර්ශව දෙක සදහා පමණක් ලංගම බස් රථ යෙදවිමට තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සාමාන්‍ය ජනතාවගේ සහාය අපේක්ෂාකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Continue Reading

News

අදත් විශේෂ ගුවන් වාරයක්

Published

on

Sri-Lankan-Airlines

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් වාරයක් අද (29) දින ක්‍රියාත්මක වේ.

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1195 දරණ ගුවන් යානය අද උදෑසන 09.05ට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඉන්දීයාවේ නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු රැගෙන ඒම සදහා මෙම විශේෂ ගුවන් යානය පිටව ගොස් ඇති බව සදහන්.

මේ සදහා ගුවන් යානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු පමණක් සහභාගී වී තිබේ.

එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන අදාළ ගුවන් යානය යළි පස්වරු 05.00ට මෙරට පැමිණිමට නියමිතයි.

Continue Reading

News

බ්‍රසීලයේ හා රුසියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Published

on

Covid-19-(2)

ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද (29) වනවිට තිස් එක්ලක්ෂ තිස් හය දහස ඉක්මවා තිබේ.

වාර්තාවන ගෝලීය මරණ සංඛ්‍යාව දෙලක්ෂ දාහත්දහසකට අධිකයි.

මේ අතර ඊයේ (28) දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි.

ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇති අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට දැක්වෙන්නේ දස ලක්ෂ තිස් පන්දහස් හත්සිය හැට පහක් ලෙසයි.

ඊයේ දිනය තුළදී එරටින් වාර්තාවූ මරණ 2,470 සමග සමස්ත මරණ සංඛ්‍යාව 59,266 දක්වා ඉහළ ගියේය.

පසුගිය දින 18 තුළදී අමෙරිකාවේ ආසාදිතයන් ගණන දෙගුණ වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 30ක්ම වාර්තා වන්නේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන්.

ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවූ ලොව පළමු මෙන්ම එකම රට බවට පත්වී ඇති පසුබිමක අමෙරිකාවේ ආර්ථිකය යළි විවෘත කිරීම සඳහා ජාතික හා ප්‍රාන්ත නායකයන් දරන උත්සහය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ.

ඉතාලියද ඊයේ ආසාදිතයන් දෙලක්ෂයේ සීමාව පසු කළේ සමස්ත ආසාදිතයන් 201,505ක් වාර්තා කරමින්.

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් මරණ 382ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 27,359 දක්වා ඉහළ ගියේය.

ස්පාඤ්ඤයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23,822 දක්වා ඉහළ දමමින් ඊයේ අලුතින් මරණ 301ක් වාර්තා විය.

සමස්ත ආසාදිතයන් ගණන 232,128ක්.

ප්‍රංශයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23,660 දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 367ක් වාර්තා විය.

එක්සත් රාජධානියෙන් ගත වූ පැය 24 තුළදී මරණ 586ක් වාර්තා වී තිබේ.

ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 21,678 දක්වා ඉහළ යයි.

මේ අතර ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 520ක් වාර්තා විය.

ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 5063 දක්වා ඉහළ යන අතර හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 72,800කට අධිකයි.

එරට ආසාදිතයන් ගණනද ඊයේ දිනය තුළදී 6398කින් ඉහළ ගොස් තිබුණි.

රුසියාවෙන්ද ඊයේ දිනය තුළදී ආසාදිතයන් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්.

එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබේ.

මෙවන් පසුබිමක් තුළ වැඩ නොකරන කාලසීමාව මැයි 11 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබුණි.

ඉන්දියාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 69ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 1008 දක්වා ඉහළ ගියේය.

හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 31,360ක්.

මේ අතර චීනයෙන් ගෙන්වන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව අඩු මට්ටමක පවතින බව පවසමින් එම පරීක්ෂණ කට්ටල භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කළේය.

ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් චීනය පවසන්නේ ඉන්දියාවෙන් එල්ලවන චෝදනාව වගකීම් විරහිත බවයි.

සිංගප්පූරුවෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් 528 සමග සමස්ත ආසාදිතයන් ගණන 14,951 දක්වා ඉහළ ගියේය.

වාර්තා වන මරණ සංඛ්‍යාව 14ක්.

කෙසේ වෙතත් කොවිඩ් වෛරස ආසාදිත සංක්‍රමණික සේවකයන් සංඛ්‍යාව නිල වාර්තාවල දැක්වෙන සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනු ඇති බව එරට බලධාරීන් පවසයි.

Continue Reading