Connect with us

News

අදත් ප්‍රදේශ කීපයකට වැසි

Published

on

Rainy-day

ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ‍හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බවයි.

පොළොන්නරුව,මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 100 කට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකියි.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

ප්‍රවාහන පහසුකම් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි කරන පිරිසට පමනයි

Published

on

-bus_

රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සදහා ගමන් කරන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන පහසුකම් සලසාදිමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රවාහන කටයුතු සදහා මෙම පාර්ශව දෙක සදහා පමණක් ලංගම බස් රථ යෙදවිමට තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සාමාන්‍ය ජනතාවගේ සහාය අපේක්ෂාකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Continue Reading

News

අදත් විශේෂ ගුවන් වාරයක්

Published

on

Sri-Lankan-Airlines

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් වාරයක් අද (29) දින ක්‍රියාත්මක වේ.

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1195 දරණ ගුවන් යානය අද උදෑසන 09.05ට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඉන්දීයාවේ නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු රැගෙන ඒම සදහා මෙම විශේෂ ගුවන් යානය පිටව ගොස් ඇති බව සදහන්.

මේ සදහා ගුවන් යානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු පමණක් සහභාගී වී තිබේ.

එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන අදාළ ගුවන් යානය යළි පස්වරු 05.00ට මෙරට පැමිණිමට නියමිතයි.

Continue Reading

News

තැපැල් කාර්යාල නැවත විවෘත කරයි

Published

on

Deparment of post

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබුණී.

තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

Continue Reading